වටරැක විජිත හිමිට බාධා කිරීම; ඥාණසාර හිමි ඇතුළු භික්ෂූන් 07 ක් වැරදිකරුවෝ වෙති.

0
1209

වටරැක විජිතහිමිට බාධා කිරීම;
ඥාණසාර හිමි ඇතුළු
භික්ෂූන් 07 ක්
වැරදිකරුවෝ වෙති.

වටරැක විජිත හිමියන් විසින්, 2014 වසරේ දිනෙක, නිපොන් හෝටලයේ පවත්වමින් සිටි මාධ්‍ය හමුවකට, බලහත්කාරයෙන් ඇතුළු වී, එම මාධ්‍ය හමුව කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන්, බොදුබල සේනා සංවිධානයේ සභාපති ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු භික්ෂූන්වහන්සේ හත් නමකට එරෙහිව පවරා තිබුණු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, අදාල සිදුවීම සම්බන්ධයෙන් එකී සියළු භික්ෂූන්වහන්සේලා වැරදි කරුවන් බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ලක්ෂ තුනක වන්දියක් ගෙවන ලෙස, වැරදිකරුවන් බවට පත් වූ හත් නමයට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබේ.

ඊට අමතරව, ඉදිරියේ දී මෙවැනි හැසිරීමක් ප්‍රදර්ශනය නොකරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු භික්ෂූන්වහන්සේ හත් නමට දැඩිව අවවාදකොට තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five − five =