‘වත්කම් බැරකම් පනත අනුව එය කළ යුතු වුවත්,
කිසිදු වෘත්තීය සමිති නායකයෙක් මෙතෙක්
වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නෑ’
ඇමති මනූෂ.
රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති නායකයන්, ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කම්කරු අමාත්‍යංශ ලේකම්වරයාට භාර දිය යුතුව ඇති නමුත් මෙතෙක් කිසිදු වෘත්තීය සමිති නායකයෙකු ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.
වත්කම් බැරකම් පනත අනුව, සියළු වෘත්තීය සමිති නායකයන්ගේ ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කම්කරු අමාත්‍යංශ ලේකම්වරයාට ලබා දිය යුතු බව අමාත්‍යවරයා පවසයි.
කෙසේ වෙතත්, මේ දක්වා කම්කරු අමාත්‍යංශ ලේකම් වරයා විසින් අදාල වෘත්තීය සමිති නායකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කැදවීමක් සිදුකර නැත.
ඒ අනුව, කම්කරු අමාත්‍යංශයේ ලේකම්, රාජ්‍ය අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති නායකයන්ගෙන් අදාල වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා පවසයි.