“වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී ඇත්තේ
225 න් 12 ක්
පමණයි…!”
අයි.එම්.එෆ් කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගෙන්, මේ දක්වා, වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී ඇත්තේ මන්ත්‍රීවරු දොළොස් දෙනෙකු පමණක් යැයි ආචාර්ය හර්ෂද සිල්වා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්, ප්‍රධාන වශයෙන් දූෂණය වැලැක්වීම සදහා, යම් නිශ්චිත කාල සීමාවක් තුළ ලංකාව විසින් ගත යුතු ක්‍රියාමාර්ග 16 ක් නම් කර තිබෙන අතර, එම ක්‍රියාමාර්ග දහසයෙන් දෙවන ක්‍රියාමාර්ගය වන්නේ, ජනාධිපති, අගමැති, ඇමතිවරු ඇතුළු ජ්‍යේෂ්ඨ නිළධාරීන් සියළු දෙනා ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ 2024 වසරේ ජූලි මාසය වන වන විට, ජනතාවට ප්‍රවේශ විය හැකි වෙබ් අඩවියක පළ කළ යුතුය.
දැනට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගෙන් දොළොස් දෙනෙකු පමණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ සදහන් වන බව ද ආචාර්ය හර්ෂද සිල්වා පවසයි.