“වත්කම් හෙළි කරනු..!”
වන්දි නොගෙවූ මෛත්‍රීට
ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි..!
පාස්කු වින්දිතයන්ට වන්දි ගෙවන ලෙස දුන් නියෝගය මේ දක්වා ඉටු නොකළ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අය, සිය වත්කම් බැරකම් පිළිබද විස්තර, දිවුරුම් ප්‍රකාශයක් මගින් ඉදිරිපත් කළ යුතු බව, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
මෙම දිවුරුම් ප්‍රකාශ දෙසැම්බර් තිස්වන දා ට පෙර ලබා දිය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ වැඩි දුරටත් සදහන් වේ.