වත්මන් අර්බුදය විසදිය හැක්කේ අනුරටයි.

0
2271

“වත්මන් අර්බුදය විසදිය
හැක්කේ අනුරටයි.!”
වැඩිම පිරිසක් එසේ සිතන බව
විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය විසින් කරන ලද
සමීක්ෂණයකින් හෙළි වේ.


රට මුහුණ දී තිබෙන වත්මන් අර්බුදය විසදිය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට යැයි මෙරට ජනතාවගෙන් බහුතරයක් දෙනා විශ්වාස කරන බව, විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය මගින් සිදුකරන ලද නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

සමීක්ෂණය සදහා සහභාගී වී ඇති පිරිසෙන් 48.5 ක් එම මතය දරයි.

අර්බුදය විසදීමේ හැකියාව ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතාට බව 36.6% ක ප‍්‍රතිශතයක් විශ්වාස කරන අතර, 29.1% ක් එය කළ හැක්කේ සජිත් පේ‍්‍රමදාස විපක්ෂ නායකවරයාට යැයි සිතති. තවත් 23.7 ක් අර්බුදය විසදිය හැක්කේ ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීවරයාට බව විශ්වාස කරයි.

ගෝඨා ගෝ ගම අරගලය සම්බන්ධයෙන් ද මෙම සමීක්ෂණයේ දී අදහස් ලබාගෙන ඇති අතර, සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් 82% ක්, අරගලයට සම්බන්ධ වී සිටි තරුණයන් ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයා සිදුකරන කණ්ඩායම් හා සංවිධානවලට සම්බන්ධ බව විශ්වාස නොකරති.

සමීක්ෂණයට සහභාගී වූ ජනයාගෙන් 84.3% ක ප‍්‍රතිශතයක්, අරගලයට සම්බන්ධ වී සිටින්නේ, වඩා යහපත් අනාගතයක් පිළිබදව සිහින දකින ප‍්‍රගතිශීලි තරුණයන්ගෙන් යැයි විශ්වාස කරති.

ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩඑන තුරු කෙටි කාලීන අන්තර්වාර පාලනයක් ස්ථාපිත කළ යුතුය යන අරගල කරුවන් විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාවට සමීක්ෂණය සදහා සහභාගී වූ ජනතාවගෙන් 83.4% ක් සිය එකගතාවය පළ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight − six =