වදුරෝ ලක්ෂයක ඕඩර් එක
ඇමතිව අන්දන්න දීපු ඕඩර් එකක්ද..?
ශ්‍රී ලංකාවේ වදුරන් ලක්ෂයක් එරටට ගෙන්වා ගැනීම සදහා චීන සමාගමක් ඉල්ලුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ ය.
ඉල්ලුම් කර තිබෙන වදුරන් ලක්ෂයෙන් වදුරන් පන්සියක ප්‍රමාණයක් මුල් අදියර සදහා කඩිනමින් අවශ්‍යව ඇති බව එකී සමාගම ප්‍රකාශ කළ බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
මෙම පුවත් මෙරට තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළද මහත් ආන්දෝලනයක් ඇති කර තිබුණි.
කෙසේ වෙතත්, මෙවැනි දෙයක් පිළිබදව චීන රජය කිසිවක් නොදන්නා බව මෙරට චීන තානාපති කාර්යාලය ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.
චීනය, වනජීවීන්ගේ ආරක්ෂාව පිළිබදව ඉතා ඉහළ වැදගත් කමක් ලබා දී තිබෙන රටක් බව පවසන චීන තානාපති කාර්යාලය, මෙවැනි යෝජනාවක් චීන සමාගමකින් ඉදිරිපත් ව ඇති බවට කිසිදු සාක්ෂ්‍යයක් නැති බවද අවධාරණය කරයි.
