වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන්
42.9% ක් කුමන හෝ ආකාරයක
මන්දපෝෂණ තත්ත්වයකින් පෙලේ.
මෙරට දරුවන්ගෙන් සැලකිය යුතු පිරිසක් කුමන හෝ ආකාරයක පෝෂණ ගැටළුවකින් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය දත්ත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දරුවන්ගේ පෝෂණ තත්ත්වය පිරිහී යෑම වසර හයකට පසුව තීවුර වී ඇති බව 2022 වසරේ දත්ත උපුටා දක්වමින් රොයිටර් ඇතුළු විදෙස් මාධ්‍ය රැසක වාර්තා වී තිබේ.
ඔක්තෝබර් මාසයේ නිකුත් කර තිබෙන වාර්තාවකට අනුව වයස අවුරුදු පහකට අඩු දරුවන්ගෙන් 43.2% ක් පෝෂණ ගැටළුවලින් පෙලෙන අතර 42.9% ක් කුමන හෝ ආකාරයක මන්දපෝෂණ තත්ත්වයකට ගොදුරුව සිටියි.
2016 වසරේ ක්‍රමාණුකූලව යහපත් තත්ත්වයකට පත්වෙමින් පැවති දරුවන්ගේ වයසට සරිලන බර තත්ත්වය 2022 වසරේ දී නැවත පහත වැටී ඇති බවද එම දත්ත පෙන්නුම් කරයි.