වයස අවුරුදු 16-20 අතර දරුවන්ට අර්ධකාලීන රැකියා. රජය නව නීති සැකසීමට සූදානම්..!

0
407

වයස අවුරුදු 16-20 අතර දරුවන්ට
අර්ධකාලීන රැකියා.
රජය නව නීති සැකසීමට සූදානම්..!

සතියකට පැය විස්සකට යටත්ව වයස අවුරුදු 16 – 20 අතර වයස් ඛාණ්ඩයේ යෞවන යෞවනියන්ට අර්ධකාලීන රැකියාවන් හි නිරත වීමේ ප්‍රතිපාදන හිමිවන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට විෂය භාර අමාත්‍යවරයා වන මනූෂ නානායක්කාර මහතා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

සියළු රැකියාවන්ට එක හා සමානව ගරු කරන ශ්‍රමයේ ගරුත්වය පිලිබදව හැගීමක් නිර්මාණය කිරීම – කිසිදු රැකියාවක් කිසිදු පදනමකින් වෙනස්කොට නොසැලකීමට හුරු කරවීම – පාසල් වියේ දීම සෑම දරුවෙකුම වැඩ පරිසරයකට හුරු කරවීම සහ එසේ නොවීම කම්කරු ක්ෂේත්‍රයේ මතුව ඇති බොහෝ ගැටළුවලට හේතු වී ඇති බවත් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.

ඒ අනුව වයස අවුරුදු 16 – 20 අතර වයස් ඛාණ්ඩයේ දරුවන්ට සතියකට පැය විස්සක උපරිමයකට යටත්ව රැකියාවක නිරත වීමට අවකාශ සැලසීමට රජය කටයුත-ු කරමින් සිටියි.

මෙහිදී දැනට අවදනම් සහගත රැකියා ලෙස හදුනා ගෙන ඇති රැකියාවන්හී නිරත වීමට අදාල වයස් ඛාණ්ඩයේ දරුවන්ට අවසර නොලැබේ.

ඊට පරිභාහිරව අවන්හල් – සුපිරිවෙළදසල් සහ පිරිසිදු කිරීම් ආශ්‍රිත අර්ධකාලීන රැකියාවන්හි නිරත වීමට දරුවන්ට අවස්ථාව ලබා දෙයි.

නිසි පරිදි වැටුප් ගෙවීම – ආරක්ෂාව සැපයීම සහ ගරුත්වය සුරැකීම සේවා යෝජකයාගේ වගකීම වන අතර සේවක අර්ථ සාධක අරමුදලට සම්බන්ධ කිරීමට ද කටයුතු කරන බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 9 =