වරාය – දුම්රිය – විදුලිය – ඉන්ධන – සෞඛ්‍ය සහ බැංකු සේවකයෝ අද දීපව්‍යාප්ත වැඩ වර්ජනයක..!
ගුරුවරු කළු පටි පළදිති.
වරාය දුම්රිය විදුලි ඉන්ධන සෞඛ්‍ය සහ බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයෝ අද දීප ව්‍යාප්ත මහා වැඩවර්ජනයක් කැදවා තිබේ.
රජය පසුගිය දා හදුන්වා දුන් බදු සංශෝධනය අහෝසි කරන ලෙස ඉල්ලමින් මෙම වැඩ වර්ජනය පැවැත් වේ.
වැඩ වර්ජනය සදහා ගුරුවරු සහභාගී නොවන නමුත් රජයට විරෝධය දැක්වීම සදහා අද දිනයේ දී කළුපටි පැළද සේවයට වාර්තා කිරීමට ගුරුවරු තීරණය කර තිබේ.
ඊට අමතරව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ද වැඩ වර්ජනයට සහාය දක්වන බව ප්‍රකාශ කර තිබේ. නමුත් රෝහල්වල කටයුතු බිද නොවැටීමට වග බලා ගන්නා බවද වෛද්‍යවරු පවසයි.
අද පෙරවරු අටට පටන් ගන්නා වැඩ වර්ජනය හෙට උදෑසන අට දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.