වසන්ත මුදලිගේ ජනවාරි 17 දක්වා
යළිත් රක්ෂිතබන්ධනාගාරගත කරයි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි මාසයේ 17 වන දා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින අනූවක් රැදවුම්භාරයේ සිටි වසන්ත මුදලිගේ ඉන් පසුව ඔහු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබී ය.
මුදලිගේට එරෙහි නඩුව අද කැදවූ අවස්ථාවේ දී මෙසේ ඔහු ජනවාරි 17 වන දක්කා රක්ෂිතබන්ධනාගාරගත කිරීමේ නියෝගය නිකුත් කර තිබේ.