වසන්ත මුදලිගේ තවත් දින අනූවක් රදවා ගැනීමේ සූදානමක්.?

0
191

වසන්ත මුදලිගේ
තවත් දින අනූවක් රදවා
ගැනීමේ සූදානමක්.?


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රැදවුම් භාරයේ තබාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ රදවා තබා ගෙන සිටින කාලය තවත් දින අනූවකින් දීර්ඝ කිරීමේ සූදානමක් ඇති බව පෙනී යන්නේ යැයි නීතීඥ සුනිල් වටගල මහතා පවසා තිබේ.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින අනූවක් රදවා ගැනීම සදහා ඔහුට එරෙහිව රැදවුම් නියෝග ලබා ගෙන තිබේ.

එම දින අනූවක කාලයෙන් අද දිනය වන විට දින 81 ක් ගෙවී අවසන් ය.

නමුත් මේ සා දීර්ඝ කාලය තුළ ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙන්නේ දින තුනක දී පමණක් බව පැවසේ.

වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් විමර්ෂණ සිදුවන්නේ ඉතා මන්දගාමීව බවත් තවත් දින අනූවක් ඔහු රැදවුම්භාරයේ තබා ගැනීමේ සැලැස්මක් දියත්ව ඇති බවට සැක කරන බවත් නීතීඥ සුනිල් වටගල පවසයි. ඒ අතර වසන්ත මුදලිගේ සමග සම්බන්ධතා පැවැත් වූ පිරිස් ත්‍රස්ත විමර්ෂණ ඒකකයට කැදවා ප්‍රශ්න කිරීම් සිදුවන බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − 2 =