වසරාවසාන ඉලක්කය මිලියනයක්..! මේ දක්වා සංචාරකයන් ලක්ෂ පහකට වඩා වැඩියෙන් ඇවිත්.

0
144

වසරාවසාන ඉලක්කය මිලියනයක්..!
මේ දක්වා සංචාරකයන් ලක්ෂ පහකට වඩා වැඩියෙන් ඇවිත්.

මේ වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ තිබෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව පන් ලක්ෂය ඉක්මවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව වසර අවසානය වන විට මිලියනක ඉලක්කයට යෑමේ හැකියාව ඇති බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය නිවේදනය කර සිටියි.

සැප්තැම්බර් මාසයේ ගෙවුණු මුල් දින හතර තුළ පමණක් සංචාරකයන් 4020 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රි ලංකාවට එරෙහිව රටවල් කිහිපයක් විසින් පනවා තිබුණු සංචාරක සීමා හේතුවෙන් අගෝස්තු මාසයේ සංචාරකයන්ගේ පැමිණීම අඩු වී තිබුණු බව පැවසේ. එය පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 20.2% ක අඩු වීමකි.

මේ වන විට ලංකාවට එරෙහිව සංචාරක සීමා පනවා තිබුණු බොහෝ රටවල් එම සීමා ඉවත්කර තිබේ.

වසර අවසාන වනවිට සංචාරකයන් මිලියනයක් රටට ගෙන්වා ගැනීමටත් එමගින් ඩොලර් බිලියන 1.75 ඉක්මවූ ආදායමක් උපයා ගැනීමටත් රජය අපේක්ෂා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven + seventeen =