වසරේ තුන්වන කාර්තුවේ දී ආර්ථිකය -11.8% කින් හැකිලෙයි.

0
96

වසරේ තුන්වන කාර්තුවේ දී
ආර්ථිකය -11.8% කින් හැකිලෙයි.

මේ වසරේ තුන්වන කාර්තුවේ ආර්ථක වර්ධනය -11.8% කින් පහත වැටී ඇති බව වාර්තා වේ.

දෙවන කාර්තුවේ දී එය වාර්තා වී ඇත්තේ -8.4% ක පහත වැටීමක් ලෙසිනි.

ආර්ථිකයේ හැකිලීම කර්මාන්ත අංශයේ දී 21.2% ක තරම් ඉහළ අගයක් ගනී.
කෘෂිකාර්මික අංශයේ හැකිලීම 8.4% ක් වන අතර සේවා අංශයේ හැකිලීම 2.6% කි.
2021 වසරේ තුන්වන කාර්තුවේ දී ආර්ථිකය 4.4%කින් වර්ධනය වී තිබුණි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ආර්ථිකයේ ප්‍රධාන අංශ වන කාර්මික, කෘෂිකාර්මික හා සේවා යන අංශවල දායකත්වය පහත පරිදි වේ.

ඒ අනුව දළ දේශීය නිෂ්පාදනය සදහා කර්මාන්ත අංශයේ දායකත්වය 34.5% කි. කෘෂිකාර්මික අංශයේ දායකත්වය 8.7% කි. සේවා අංශයේ දායකත්වය 54.1% කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − seventeen =