වසරේ මුල් මාස තුනට සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 500 ඉක්මවා උපයයි.
මාර්තු මාසය තුළ උපයා ගන්නා ලද ඩොලර් මිලියන දෙසීයකට ආසන්න මුදලත් සමග, වසරේ මුල් මාස තුන තුළ සංචාරක කර්මාන්තයෙන් රටට ලැබී මුළු ඉපැයුම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 529.8 ක් බව මහබැංකුව වාර්තා කරයි.
පසුගිය වසරේ මුල් මාස තුන තුළ සංචාරක කර්මාන්තයෙන් උපයා තිබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 482.4 කි.
වසරේ මුල් මාස තුනට අයත් සෑම මාසයකම ලක්ෂය ඉක්මවූ සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණ තිබුණි.