වසරේ මුල් මාස දහය තුළ
සංචාරක කර්මාන්තයෙන්
ඇමරිකානු ඩොලර් බිලියනයක් උපයයි.
ඔක්තෝබර් මාසයේ උපයා ඇති ඇමරිකානු ඩොලර් මිලියන 75.6 ත් සමඟ වසරේ මුල් මාස දහය තුළ සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති මුළු ආදායම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා තිබේ.
පසුගිය වසර හා සසදා බැලීමේ දී එය අතිශයින්ම ඉහළ අගයකි.
2021 වසරේ මුල් මාස දහය තුළ සංචාරක කර්මාන්තයෙන් උපයා ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 158.2 කි.
මේ වසරේ මුල් මාස දහය තුළ සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1022 ක් උපයා තිබේ.
සංචාරක කර්මාන්තයෙන් ලංකාව ඉහළම ආදායමක් උපයා ඇති වසර වන්නේ 2018 වසරයි. එම වසරේ සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4.8 ක් උපයා ඇති අතර ඇමරිකානු ඩොලර් බිලියන පහක ආදායමක් සංචාරක කර්මාන්තයෙන් ඉපැයීමට රජය අපේක්ෂා කරයි.