වසරේ මුල් මාස 11 තුළ
ඇඟළුම් අපනයනයෙන්
ඩොලර් බිලියන 5.14 ක
වාර්තාගත ආදායමක්…!
වසරේ මුල් මාස 11 තුළ ඇගළුම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5.14 ක වාර්තා ගත ආදායමක් ඉපැයීමට ලංකාව සමත්ව තිබේ.
එය එදා මෙදා තුර වසරකදී ලංකාව ඇගළුම් අපනයනයෙන් උපයා ඇති ඉහළම ආදායමයි.
මීට පෙර, ඇගළුම් කර්මාන්තයෙන් ඉහළම ආදායමක් උපයා ඇත්තේ 2019 වසරේ දී වන අතර එම වසරේ දී ඇගළුම් අපනයනයෙන් ඩොලර් බිලියන 4.84 ක ආදායමක් උපයා තිබේ.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 11 තුළ ඇමරිකා එක්සත් ජනපදය වෙත සිදු කර තිබෙන ඇගළුම් සැපයුම 13% කින් ඉහළ ගොස් ඇති අතර උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 2.14 කි.
යුරෝපා වෙළද පොළ වෙත සිදු කර තිබෙන සැපයුම පසුගිය වසර හා සසදා බැලීමේ දී 12% කින් ඉහළ ගොස් ඇති අතර උපයා ඇති ආදායම ඩොලර් බිලියන 1.54 කි.
එක්සත් රාජධානිය වෙත සිදුකර තිබෙන සැපයුම් 7%කින් ඉහළ ගොස් ඇති අතර උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 663.79 කි.
ඊට අමතරව අනෙකුත් වෙළදපොළ වෙත ඇගළුම් සැපයීමෙන් තවත් ඩොලර් මිලියන 784.57 ක ආදායමක් උපයා තිබේ.