වසරේ මේ දක්වා පැමිණ තිබෙන
සංචාරකයන් සංඛ්‍යාව
මිලියනය ඉක්මවා යයි…!
මෙම වසර තුළ, මේ දක්වා දිවයිනට පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව, අද දිනයේ දී මිලියනයේ සීමාව ඉක්මවා යාමට නියමිත බව, සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
වසර තුනකට පසුව, වසරක් තුළ දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මිලියනයේ සීමාව ඉක්මවා යන පළමු අවස්ථාව මෙයයි.
වසර අවසානය වන විට මිලියන 1.5 ඉක්මවා යන සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි.