වසරේ මේ දක්වා සංචාරක පැමිණීම
ලක්ෂ හය ඉක්මවා යයි.
මුල් මාස දහයේ ආදායම ඩොලර් බිලියන 1.02යි.
මේ වසරේ මේ දක්වා මෙරටට පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ හය සීමාව ඉක්මවා ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
සංඛ්‍යා දත්ත අනුව පැමිණ තිබෙන සංචාකරයන් සංඛ්‍යාව හය ලක්ෂ හය දහයකි.
මේ වන විට දිනකට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව දෙදහස් පන්සියය සීමාව ඉක්මවා ගොස් ඇති බව ද අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව වසර අවසාන විට සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂ අට සීමාවට ළගාවනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.
මේ දක්වා මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යයි.
දෙවනුවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ බි්‍රතාන්‍යයෙනි. එම සංඛ්‍යාව හැත්තෑපන් දහස ඉක්මවා යයි. රුසියාවෙන් පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව හැට පන්දහස ඉක්මවා ගොස් ඇති අතර ජර්මනියෙන් පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව හතලිස් හත් දහස ඉක්මවා ගොස් තිබේ.
මහබැංකු සංඛ්‍යා දත්ත අනුව ජනවාරි සිට ඔක්තෝබර් දක්වා සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති ආදාරය ඇමරිකානු ඩොලර් බිලියන 1.02 කි.
පසුගිය වසරේ අදාල කාල පරිඡේදය හා සසදා බැලීම්දී එය 546%ක වැඩිවීමකි.