වසර තුනක් සේවයට වාර්තා නොකර ම ඌව පළාත් සභාවේ සභාපති එක්කෝටි හැටතුන් ලක්ෂ විසි දාහක වාහන දීමනාවක් ලබා ගනියි.

0
230

වසර තුනක් සේවයට වාර්තා නොකර ම
ඌව පළාත් සභාවේ සභාපති
එක්කෝටි හැටතුන් ලක්ෂ විසි දාහක
වාහන දීමනාවක් ලබා ගනියි.

ඌව පළාත් සභාව විසුරුවා හැර මේ වන විට වසර තුනක කාලයක් ගෙවී ඇති අතර එම කාලය සදහා ඌව පළාත් සභාවේ සභාපතිවරයා විසින් භාවිතා කරන ලද නිල රථ තුනක් වෙනුවෙන් රුපියල් එක්කෝටි හැටතුන් ලක්ෂ විසි දාහක මුදලක් අයථා ලෙස ලබාගෙන ඇති බව විගණන දෙපාර්තමේන්තුව විසින් කරන ලද විගණනයකින් හෙළි වී තිබේ.

පළාත් සභාව විසුරුවා හැර මේ වන විට වසර තුනක් ගෙවී ඇති අතර සේවයට වාර්තා කිරීමකින් තොරවම සභාපතිවරයා අදාල දීමනාව ලබාගෙන ඇති බව විගණනයෙන් හෙළි වී තිබේ.

සභාපතිවරයාට නිළ වශයෙන් වාහන දෙකක් භාවිතා කිරීමට අවසර ඇති අතර ඌව පළාත් සභාවේ සභාපතිවරයා විසින් පලාත් සභාවේ වාහන බල ඇණියට අයත් නොවන වාහන තුනක් භාවිතා කරමින් මෙම දීමනාව ලබාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 5 =