වසර දෙකක සහන කාලය මදි..!
චීනය; තවත් යමක් කළ යුතුයි..!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.
ලංකාව ලබාගෙන තිබෙන ණය ආපසු ගෙවීම සදහා වසර දෙකක සහන කාලයක් ලබා දීමට චීනය ලබා දී තිබෙන එකගතාවය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇතැයි ඩේලි මිරර් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කර සිටියි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය පහසුකමක් ලබා දීමට නියමිත අතර එම ණය මුදල අනුමත වීම සදහා චීනය සහ ඉන්දියාව ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකග වීම අත්‍යවශ්‍ය කාරණයක්ව පැවතිණි.
ලංකාවට ලබා දී තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකග බව ඉන්දියාව සහ චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී ඇති නමුත් චීනය ලංකාව සම්බන්ධයෙන් ලබා දීමට අපේක්ෂා කරන ණය සහනය වන්නේ ණය ආපසු ගෙවීම සදහා වසර දෙකක සහන කාලයක් ලබා දීම පමණි.
ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය සහනය අනුමත වීම සදහා චීනයේ එම එකගතාවය ප්‍රමාණවත් නොවන බවයි මේ වන විට වාර්තා වන්නේ..
ලංකාවට ලබා දී තිබෙන ණය ආපසු ගෙවීම සදහා වසර දහයක සහන කාලයක් ලබා දීමට පැරිස් ක්ලබ් නමින් හැදින්වෙන රටවලන් සමූහය එකග වී ඇති බව වාර්තා වේ.