වසර පහළොවකට අච්චු කර සිටි
සාරුවා සුනිල්;
නිදොස්කොට නිදහස් කරයි…!
බාලවයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් වරදකරු වී බරපතළ වැඩ ඇතිව පහළොස් වසරක සිරදඩුවමකට යටත්ව සිටි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ ලියනගේ සුනිල් හෙවත් සාරුවා සුනිල් යන අය අද අභියාචනාධිකරණය මගින් නිදොස්කොට නිදහස් කර තිබේ.
මාතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් 2012 වසරේ හී ඔහු අත් අඩංගුවට ගනු ලැබී ය.
කොළඹ මහාධිකරණය ලබා දී තිබුණු තීන්දුවට එරෙහිව ගොනු කර තිබුණු අභියාචනයේ තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත් කර තිබෙන අතර එම තීන්දුව අනුව අදාල පුද්ගලයා නිදොස්කොට නිදහස් කර තිබේ.