වසර 10 ක සහන කාලයක් ලබා දීමට සහ
යම් ප්‍රතිශතයකින් ණය කපාහැරීමට
පැරිස් සමාජය එකගවෙයි.
ඒත් මාර්තු මාසය දක්වා කිසිවක් නොලැබෙනු ඇත.
හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරයි.
ණය ආපසු ගෙවීම සදහා ශ්‍රී ලංකාවට වසර දහයක සහන කාලයක් ලබා දී තවත් වසර පහළොවකට ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ලබා දීමට පැරිස් සංගමයට අයත් රටවල් එකගවී ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරයි.
නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියා වන චීනය මේ දක්වා ණය ප්‍රතිව්‍යුහගතකිරීමකට එකග වී නැති බැවින් මේ වසරේ දෙසැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දීමට එකග වී සිටි ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය සහනය එම නියමිත කාලයේ දී නොලැබෙනු ඇති බවට සැක පළ ව තිබේ.
එසේ වුවහොත් නැවත එම ණය සහනය ලැබෙනු ඇත්තේ මාර්තුවේ දී බවත් එවැනි තත්ත්වයක දී මතුවන ප්‍රධානම ප්‍රශ්නය වන්නේ ඒ අතර කාලය සදහා ශ්‍රී ලංකාවට ණය ලබා දීමට සුදානම් වන්නේ කවුරුන්ද යන්න බවද හින්දුස්ථාන් පුවත්පත විමසා සිටියි.
මේ වන විට අසල්වැසි ඉන්දියාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ඇමරිකානු ඩොලර් බිලියන හතරක ණය ආධාර ශ්‍රී ලංකාවට ලබා දී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකමක් ලැබීමට නියමිත මාර්තු දක්වා කාලය තුළ ආර්ථික හා දේශපාලන වශයෙන් බොහෝ නරක අත්දැකීම්වලට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇති බවටද පුවත්පත ඉගිකොට තිබේ.