වහබ්වාදය ප්‍රවර්ධනය කළා යැයි
අත් අඩංගුවට ගත්;
හිටපු ජමාතේ ඉස්ලාම් නායක,
රෂීඩ් අක්බාර් නිදහස් කරයි.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ 2021 මාර්තු මාසයේ අත්අඩංගුවට ගනු ලැබූ රෂීඩ් අක්බාර් නිදහස් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශෙහාන් අමරසිංහ ඊයේ දිනයේ දී නියෝග කර තිබේ.
රෂීඩ් අක්බාර්, ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු නායකයා ය. ඔහු වසර විසි හතරක කාලයක් එම සංවිධානයේ නායකයාව සිටි බව කියයි.
පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කිරීම සදහා පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ මත රෂීඩ් අක්බාර් අත්අඩංගුවට ගනු ලැබී ය.
ඔහුට එරෙහිව එල්ල වී තිබුණු චෝදනාව වන්නේ ඔහු වහබ්වාදය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කර ඇති බව යි.
කෙසේ වෙතත් ඔහුට එරෙහිව සිදුකර තිබෙන විමර්ශන අවසන් බැවින් රෂීඩ් අක්බාර් මුදා හැරීමට විරෝධයක් නැති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.
අධිකරණය භාරයේ පැවති රෂීඩ් අක්බාර්ගේ විදෙස් ගමන් බලපත්‍රයද යළි ඔහුට භාර දී ඇති බව වාර්තා වේ.