වහාම ශ‍්‍රී ලංකා බළධාරීන් මුණ ගැසීමට අවශ්‍යයි.
නැවේ පැමිණීම ප‍්‍රමාද කරන ලෙස
ලංකා රජය ඉල්ලා සිටීමෙන් පසුව චීනය කියයි.
ආන්දෝලනාත්ම චීන යුද නැව, හම්බන්තොට වරාය බලා පැමිණීම කල් දමන ලෙස ශ‍්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය නිළ වශයෙන් චීනයෙන් ඉල්ලා ඇති බව වාර්තා විය.
ඊට ප‍්‍රතිචාර දක්වමින්, ශ‍්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පවසා ඇත්තේ, වහාම ශ‍්‍රී ලංකා බළධාරීන් හමු වීමට ඔවුන්ට අවශ්‍ය බවයි.
ආන්දෝලනාත්මක නෞකාවට හම්බන්තොට වරාය වෙත පැමිණීමේ අවසරය ජූලි 12 වනදා එවකට පැවති රජය විසින් ලබා දී ඇති බව පැවසේ.
කෙසේ වෙතත්, අදාල නෞකාව හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය විරෝධය දැඩිව පළකර තිබෙන අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස නෞකාවේ ලංකාගමනය ප‍්‍රමාද කරන ලෙස මෙරට බළධාරීන් චීනයෙන් ඉල්ලා තිබුණි.