ව්‍යවස්ථාදායක සභාව විසින්
සේවා දිගුව ප්‍රතික්ෂේප කර ඇති බැවින්,
සී.ඩීගේ යළි පත්වීම වළංගු දැයි
පොලිසියේම ඉහළ නිළධාරීන් අතර කුකුසක්..!
පොලිස්පති ධූරයේ තව දුරටත් රැදී සිටීමට සී.ඩී වික්‍රමරත්නට ලබා දී තිබෙන සති තුනක සේවා දිගුව සදහා ව්‍යන්‍ස්ථාදායක සභාවේ අනුමැතිය ලැබී නැත.
මේ තත්ත්වය, ඔහුගේ පත්වීමේ වලංගුතාවය පිළිබදව පොලිසියේ ඉහළ නිළධාරීන් තුළ සැක සංකා ඇති කිරීමට හේතුවක් වී ඇති බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි. එය අවසානයේ දී පොලිසිය තුළ පරිපාලනමය ගැටළු රැසක් මතු කිරීමට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.
සී.ඩී. වික්‍රමරත්න මහතා පසුගිය ජූනි 26 වන දා විශ්‍රාම යාමට නියමිතව තිබුණු අතර, ඔහුට මාස තුනක සේවා දිගුවක් ජනාධිපතිවරයා විසින් ලබා දුන්නේ ය. එම මාස තුන ඔක්තෝබර් නම වන දා යින් අවසන් වීමට තිබුණු නමුත්, ජනාධිපතිවරයා නැවත ඔහුට සති තුනක සේවා දිගුවක් ලබා දී තිබේ.
ජනාධිපතිවරයා විසින් ලබා දුන් එම සති තුනක සේවා දිගුව ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කළේ ය.
ඒ වන විට චීනයේ සංචාරයක නිරතව සිටි ජනාධිපතිවරයා, ව්‍යවස්ථාදායක සභාවේ එම ප්‍රතික්ෂේපය ප්‍රතික්ෂේප කරමින්, සී.ඩී. වික්‍රමරත්න මහතාට සති ත-ුනක සේවා දිගුව ලබා දුන්නේ ය.
මෙම සිදුවීමෙන් පසුව, පොලිසිය තුළ විවිධ පරිපාලනමය ගැටළු රැසක් මතුව ඇති බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.
රට තුළ ඉහළ අපරාධ අනුපාතයක් පවතින කාල පරිච්ඡේදයක පොලිස්පතිවරයාගේ කාර්ය භාරය ඉතා වැදගත් වන අතර, මෙවැනි ගැටළු සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබීම කිසිසේත්ම නොවිය යුත්තකි.