ව්‍යවස්ථාදායක සභාව සදහා
ජනාධිපතිගේ නියෝජිතයා ලෙස
නිමල් සිරිපාල ද සිල්වා පත් කරයි.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ වඩාත් බලවත් ආයතනයක් බවට පත්ව තිබෙන ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමේ කටයුතු මේ ආරම්භ වී ඇති බව වාර්තා වේ.
ව්‍යවස්ථාදායක සභාව සදහා ජනාධිපතිවරයා විසින් නියෝජිතයෙකු නම් කළ යුතුව ඇති අතර ඒ සදහා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පත්කර ඇති බව පැවසේ.
ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිධූරය කතානායකවරයාට හිමි වේ.
ජනාධිපතිවරයාගේ නියෝජිතයා පත් කිරීමත් සමග ව්‍යවස්ථා දායක සභාව සදහා පත් කළ යුතු පිරිසෙන් කිහිප දෙනෙකුගේ පත්වීම් සම්පූර්ණ වේ. ඒ අනුව කතානායක, අග්‍රාමාත්‍යවරයා, වික්ෂ නායක සහ ජනාධිපතිගේ නියෝජිතයා ඊයේ දිනයේ දී මුණ ගැසී ඇති අතර අනෙකුත් පත්වීම් සිදුකර ව්‍යවස්ථා සභාව බලාත්මක කිරීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ඔවුන් එකග වී ඇති බව පැවසේ.