‘ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සදහා
බොරැල්ල කනත්ත තෝරා ගැනීම පුදුමයක් නෙවෙයි.
බොරැල්ල කනත්තේ ආරක්ෂාව භාර දී තිබෙන්නේ
රක්නා ලංකා ආයතනයට.’
කොළඹ මහනගර සභා සාමාජිකයෙකු කියයි.
කෝටිපති ව්‍යාපාරික දිනේශ් ෂාෆ්ටර් මහතා පසුගිය බ්‍රහස්පතින්දා දින සන්ධ්‍යාවේ දී බොරැල්ල කනත්තට ගෙන්වා සිදු කළ මාරාන්තික තුවාල හේතුවෙන් මියගොස් තිබුණි.
බොරැල්ල කනත්ත තුළ දී මෙම සිද්ධිය සිදුව ඇති බව පැවසේ.
කෙසේ වෙතත් අවමංගලෝත්සවයක දී මෘත දේහය රැගෙන එන මෝටර් රථය හැරුණු කොට වෙනත් කිසිදු මෝටර් රියකට කනත්ත තුළට පිවිසීම තහනම් බව කොළඹ මහනගර සභා සාමාජිකයෙකු උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත්පත පසයි.
ඔහු ඉන් අදහස් කරන්නේ බොරැල්ල කනත්තේ ආරක්ෂාව භාර නිළධාරීන් සිය රාජකාරිය නිසිලෙස ඉටු කළානම් කනත්ත තුළ මෙවැන්නක් සිදුවීමට කිසිසේත්ම ඉඩ නැති බවයි.
බොරැල්ල කනත්තේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම 2021 වසරේ සිට රක්නාලංකා ආයතනයට භාර දී තිබේ.
සුසාන භූමිය බලා ගැනීමේ cemetery keeper වගකීම භාරව තිබුණු නිළධාරියා වැඩ තහනමකට ලක්ව තිබෙන බැවින් දැනට එම වගකීම උසුලනු ලබන්නේ වැඩබලය අයෙකු විසිනි.
මේ වන විට සුසාන භූමියේ ආරක්ෂාව භාර නිළධාරියා security officer ලෙස කටයුතු කරන්නේ හිටපු හමුදා නිළධාරියෙකු බව පැවසේ.