වාර්තාගත ජන ගංගාවක්
31 රෑ ගාළුමුවදොරට…!
ගෙවෙන වසරට සමු දීම සදහාත් නව වසර පිළිගැනීම සදහාත් ඊයේ රාත්‍රියේ අති විශාල ජනකායක් ගාළුමුවදොරට රැස්ව සිටියේ ය.
අරගල සිය ගණනක් ඇවිලී ගිය භූමියක යළිත් මේ සා විශාල ජනතාවක් දක්නට ලැබීම අසිරියකි.
ශ්‍රී ලංකාව; ඉතාහාසයේ එක් දුෂ්කරතම කාල පරිච්ඡේදයක් පසුකරමින් සිටියද අපේ මිනිසුන් අළුත් අපේක්ෂාවන්ගෙන් ප්‍රමුදිතව සිටින බව මේ ඡායාරුප සාක්ෂි දරයි.
රට නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බව ලෝකය දැකිය යුතුය.
සංචාරකයන් මෙහි පැමිණිය යුතුය.
යහපත් අපේක්ෂාවන්ගෙන් අප පිරීඉතිරී යා යුතුය…!
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින්
ගාළුමුවදොර ආවරණය වන පරිදි වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි.