“වැට් 18 % දක්වා වැඩි කළ විට ඉන්ධන මිල 11% කින් ඉහළට..!” චම්පික රණවක.

0
188

“වැට් 18 % දක්වා වැඩි කළ විට
ඉන්ධන මිල 11% කින් ඉහළට..!”
චම්පික රණවක.


එළැඹෙන ජනවාරියේ සිට බලපැවැත්වෙන පරිදි වැට් බදු අනුපාතය 18% දක්වා ඉහළ නංවන බව රජය ප්‍රකාශ කර තිබේ.

ඊට අමතරව, දැනට වැට් බද්දට යටත් නොවන භාණ්ඩ හා සේවා සදහා ද වැට් බදු එකතු කරන බව රජය පවසයි.

ඒ අනුව, ලබන ජනවාරියේ සිට නිසැක වශයෙන්ම පෙට්‍රල් සහ ඩීසල් මිල 11 % කින් පමණ ඉහළ යනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.

පැට්‍රල් සහ ඩීසල්, දැනට වැට් බද්දට යටත් නොවන භාණ්ඩ වර්ග දෙකකි.

ඊට අමතරව, ගල් අගුරු සදහා ද වැට් බද්ද එකතු වන බැවින්, ජනවාරියේ සිට විදුලි ගාස්තුව ද තවත් ඉහළ යනු ඇතැයි මන්ත්‍රීවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + 19 =