වැටුප් ගෙවීම රජයෙන්…!
පෞද්ගලික කාර්ය මණ්ඩලයට
සමීප ඥාතියෙක් පත්කර ගැනීමට
ගෝඨාට අවසර ලැබේ.
නිස්කලංක තැනකට නිල නිවස මාරු කර දීමටත්
රජය ගෝඨාභයට එකග වෙයි.
සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය සදහා ඔහුගේ සමීපතම ඥාතියෙකු පත්කර ගැනීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රජයේ අවසරය ලැබී තිබේ.
අදාල නිළධාරියා සදහා වැටුප් ගෙවීම් සිදුකරනු ලබන්නේ රජයෙනි.
එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනට ඔහු පදිංචි වී සිටින මළලසේකර මාවතේ පිහිටි නිවස වෙනුවට වෙනත් නිවසක් ඉල්ලා ඇති බව ද පැවසේ.
ඔහු පදිංචිය මාරු කරනු ලබන්නේ දැනට ඔහු සිටින නිවස පිහිටා ඇත්තේ ඝෝෂාකාරී පරිසරයක බව කියමිනි.
ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂා කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හිමිව තිබෙන නිවස බවත් මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභයට නිවස ලබා දී රජය ලබා දෙන වෙනත් නිවසකට යෑමට සූදානමින් සිටින බවද පැවසේ.
මෙම තොරතුරු අද වෙළදපොලට නිකුත්ව තිබෙන සන්ඩේ ටයිම්ස් පුව්තපත වාර්තා කර තිබුනි.