‘වැඩවර්ජනය අසාර්ථකයි..!’
ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි.
වෘත්තීය සමිති රැසක් ඒකාබද්ධ වී අද දිනයේ ක්‍රියාත්මක කර තිබෙන වැඩ වර්ජනය අසාර්ථක බව ජනාධිපති මාධ්‍ය නිවේදනය කර සිටියි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර තිබෙන කෙටි නිවේදන කිහිපයක් අපි පහත උපුටා දක්වමු.
අද පෙරවරු 11.00 වන විට ලංගම ඩිපෝ 107ම නියමිත කාලසටහනට අනුව ක්‍රියාත්මක බව ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා තහවුරු කරයි. ලංගම වෘත්තීය සමිති 08න් ජවිපෙ වෘත්තීය සමිතිය හැර අනෙක් වෘත්තීය සමිති 07ම සහයෝගීත්වයෙන් කටයුතු කරන බවද ඔහු පවසයි. [PMD]
මහජනතාවට සේවය කිරීම සඳහා ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ සියලුම අංශ ඇතුළු ශාඛා 265ක බැංකු සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා මහතා තහවුරු කරයි. [PMD]
මහජන බැංකු ශාඛා 340න් 272ක් පූර්ණ ලෙස අද දින ක්‍රියාත්මක වන බවත්, පෙරවරු 10.30 වන විට කාර්‍ය මණ්ඩලයේ පැමිණීම 75% ඉක්මවූ බවත් මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා තහවුරු කරයි. [PMD]
තමන් කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නොයෙදෙන බවත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තම සහයෝගය ලබා දෙන බවත් ලංවිම මුදල් භාර නිලධාරී සංගමය විසින් ලංවිම සාමාන්‍යාධිකාරී වෙත දැනුම් දී ඇත. [PMD]
සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහැරීම සඳහා මේ වන විට පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 6,600ක ධාරිතාවකින් යුත් බවුසර් 300කට අධික ප්‍රමාණයක් සූදානම් කර ඇති බව CPC සහ CPSTL සභාපති එම්.යූ. මොහොමඩ් තහවුරු කළේය.[PMD]
දුම්රිය සේවකයින්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොතකමින්, මගීන්ගේ පහසුව සඳහා අද උදෑසන 8.00 වන විට දුම්රිය 20ක් ධාවනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී තහවුරු කළේය. [PMD]