වැඩ නිමනොකළ ගොඩනැගිල්ලක් විවෘත කිරීමට ආ
ඇමති සුසිල්ට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙන් හූ සංග්‍රහයක්…!
යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චි මණ්ඩපයේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමට ගිය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට එම විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ දැඩි විරෝධයට මුහුණ දීමට සිදුව තිබේ.
තාක්ෂණ පීඨයේ වැඩ අවසන් නොවූ ගොඩනැගිල්ල විවෘත කිරීම සදහා අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේ දී මෙම විරෝධය එල්ල වී තිබේ.
වැඩ අවසන් නොවූ ගොඩනැගිල්ලක් දේශපාලන අවශ්‍යතා මත විවෘත කිරීමට ඉඩ දිය නොහැකි බව සිසුන් පවසා ඇති අතර දැඩි විරෝධය මධ්‍යයේ අමාත්‍යවරයා ආපසු හැරී ගොසු ඇති බව පැවසේ.