වැඩ වර්ජනයෙන් බලපෑම්
එල්ල විය හැකියි.
බස්නාහිර පළාතේ පාසල් වාර විභාග
කල් යයි.
හෙට ආරම්භ වීමට නියමිතව තිබූ වාර විභාගය කල්දමන ලෙස බස්නාහිර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා විසින් බස්නාහිර පළාතේ සියළු පාසල් වෙත දැනුම් දී තිබේ.
ඒ අනුව 9 ශ්‍රේණියට අදාල වාර විභාගය මාර්තු 21 දක්වාත් 10 සහ 11 යන ශ්‍රේණිවලට අදාල වාර විභාගය මාර්තු 22 දක්වාත් කල් තබා තිබේ.
හෙට දිනයේ වෘත්තීය සමිති රැසක් දැවැන්ත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කර තිබෙන අතර ප්‍රවාහන ගැටළු මතුවීමේ අවදානම සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්වරයා මෙම තීරණය ගෙන තිබේ.