‘වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට කඩා පැන සිරකරුවන්ට මරණ තර්ජනය කිරීම. රත්වත්තේට එරෙහි විමර්ෂණයේ වාර්තාව ජනගත කරන්න.’ තොරතුරු දැනගැනීමේ කොමිසම කියයි.

0
102


‘වැලිකඩ සහ අනුරාධපුර
බන්ධනාගාරවලට කඩා පැන
සිරකරුවන්ට මරණ තර්ජනය කිරීම.
රත්වත්තේට එරෙහි විමර්ෂණයේ
වාර්තාව ජනගත කරන්න.’
තොරතුරු දැනගැනීමේ කොමිසම කියයි.

බීමත්ව පැමිණ වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර තුලට බලහත්කාරයෙන් ඇතුළු වී බන්ධනාගාර නිළධාරීන්ට සහ සිරකරුවන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් එවකට බන්ධනාගාර සහ පුනරුත්ථාපන කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍යවරයා වූ ලොහාන් රත්වත්තේට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

එම සිදුවීම් වාර්තා වූයේ 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී ය.

2021 සැප්තැම්බර් මාසයේ හය සහ දොළහ යන දිනවල දී රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාර දෙකට බලහත්කාරයෙන් ඇතුළු වී තිබුණු අතර අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටි, ත්‍රස්වදාය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබුණු, දෙමළ ජාතික දේශපාලන සිරකරුවන් දෙදෙනෙක් දණ ගස්වා ඔවුන්ගේ හිසට පිස්තෝලය තබා මරණ තර්ජනය කිරීමේ සිදුවීම ජාත්‍යන්තර මාධ්‍යය පවා වාර්තා කර තිබුණි.

අදාල සිදුවීම රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ අතර රාජ්‍ය අමාත්‍යවරයා වහා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේ ය.

ඒ නමුත් තමන්ට එරෙහිව එල්ල වන චෝදනා ඔහු එක හෙලා ප්‍රතික්ෂේප කළේ ය. තමන් ඉල්ලා අස්වන්නේ තමන්ට එරෙහිව පවත්වන ස්වාධීන පරීක්ෂණයකට ඉඩ ලබා දීමට බව ද පැවසී ය.

අදාල ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සදහා එවකට ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කළ අතර ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වූ සුනිල් කොඩිතුවක්කු යන අයගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් අදාල සිදුවීම් විමර්ෂණය කිරීම සදහා පත් කළේ ය.

කමිටු වාර්තාව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල් දෙණිය මහතා විසින් අධිකරණ අමාත්‍යංශය වෙත භාර දී ඇති බව වාර්තා විය.

වාර්තාවේ නිර්දේශ කිසිවක් මේ දක්වා මහජනතාවට ප්‍රසිද්ධ කර නොතිබුනු අතර තොරතුරු දැනගැනීමේ කොමිසම නිර්දේශ කර ඇත්තේ කමිටු වාර්තාව වහා මහජනතාවගේ දැනගැනීම පිණිස හෙළිදරව් කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − 4 =