විදුලිගාස්තු ඉහළ යාමෙන් ෆොටෝ කොපියක සහ ප්‍රින්ට් අවුට් එකක මිලත් රුපියල් පහකින් ඉහළට…!

0
56

විදුලිගාස්තු ඉහළ යාමෙන්
ෆොටෝ කොපියක සහ ප්‍රින්ට් අවුට් එකක
මිලත් රුපියල් පහකින් ඉහළට…!

විදුලි ගාස්තු- ඉහළ යාම හේතුවෙන් ෆොටෝ කොපියක සහ ප්‍රින්ට් අවුට් එකක මිල රුපියල් පහකින් ඉහළ දැමීමට සමස්ත ලංකා කොමියුනිකේෂන් ආයතන හිමිකරුවන්ගේ සංගමය නිවේදනය කරයි.

ආනයන සීමා සහ බදු ඉහළ දැමීම හේතුවෙන් තමන් දැනටමත් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටින බව බව එම සංගමය පවසන අතර හදිසියේම සිදු කළ විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් කර්මාන්තය පවත්වාගෙන යාම තවදුරටත් දුෂ්කර වී ඇති බවද පවසයි.

නව මිල ගණන් හේතුවෙන් අපහසුතාවයට පත්වන පාසල් දරුවන් ඇතුළු පොදු මහජනතාවගෙන් තමන් සමාව ඉල්ලන බවද සමස්ත ලංකා කොමියුනිකේෂන් ආයතන හිමිකරුවන්ගේ සංගමය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 7 =