විදුලිබල මණ්ඩලය
පන්සලේ විදුලි බිල අඩු නොකරයි.
මහජන උපයෝගීතා කොමිසම
මණ්ඩලයට එරෙහිව
යුද්ධ ප්‍රකාශ කරයි.
ආගමික ස්ථානවල විදුලි බිල සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම ලබා දුන් නියෝග මේ දක්වා ලංකා විදුලි බල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කර නැති බව වාර්තා වේ.
තමන් විසින් ලබා දෙන ලද නියෝග වහා ක්‍රියාත්මක කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම පෙර අවස්ථා දෙකක දී ලංකා විදුලිබල මණ්ඩලය සිහිකැදවීම් ලිපි යවා ඇති අතර ඊයේ දිනයේ දී තෙවන සහ අවසාන සිහිකැදවීම නිකුත් කර තිබෙන බව ද මෝර්නිං පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කර සිටියි.
එම සිහි කැදවීමත් නොසලකා හරින්නේ නම් මහජන උපයෝගීතා කොමිසමේ නියෝග පිළි නොපැදීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ද මෝර්නිං පුවත්පතට පවසා තිබේ.
ආගමික ස්ථානවල විදුලි බිලට පොරොන්දු වූ සහනය ලැබී නොමැති බව ඕමල්පේ සෝභිත හිමියන්ද පසුගියදා ප්‍රකාශ කර තිබුණි.