විදුලිය නෑ..!ඉන්ක්‍යුබේටර් තුල සිට දරුවන් ශල්‍ය වාට්ටුවක ඇදන් මතට ගෙන එයි..!

0
448

විදුලිය නෑ..!
ඉන්ක්‍යුබේටර් තුල සිට දරුවන්
ශල්‍ය වාට්ටුවක ඇදන් මතට ගෙන එයි..!

Al-Shifa සහ Al-Quds යන ගාසා තීරයේ ප්‍රධාන රෝහල් දෙකම මේ වන විට වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාධ්‍ය වාර්තා කරන ආකරයට, අල් ෂිෆා රෝහලට ඇස ගසාගෙන සිටින ඊශ්‍රායල ස්නයිපර් තුවක්කු කරුවෝ, රෝහල් පරිශ්‍රය තුළ ඔබ මොබ යන ඕනෑම අයෙකුට වෙඩි තබති.

මෙම රෝහල් දෙකේම විදුලිය මේ වන විට මුළුමන්ම බිද වැටී තිබේ.

විදුලි සැපයුම ඇන හිටීම හේතුවෙන්, Al-Shifa රෝහලේ ඉන්ක්‍යුබේටර්වල සිට ළදරුවන් ශල්‍ය වාට්ටුවක ඇදන් මත තබා ඇති ඡායාරූප බීබීසී වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

මෙම කුඩා දරුවෝ, මරණය අභියසටම පැමිණ සිටිතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය කම්පා වෙති.

අල් ෂිෆා රෝහලේ ශල්‍යාගාර සියල්ල වසා දමා ඇති අතර, ශල්‍ය කර්ම සදහා භාජනය විය යුතු සෑම අයෙකුටම මරණය වැළද ගැනීමට සිදුව ඇතැයි, එම රෝහලේ ප්‍රධානිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight − 5 =