‘විදුලි ඒකකයක් උත්පාදනයට රුපියල් 56.90 ක් වැය වෙයි. පාරිභෝගිකයන්ගෙන් අය කරන්නේ රුපියල් 29.14 ක පමණ මුදලක්. ඉතින් හරි පාඩුයි..!’ ඇමති කාන්චන විජේසේකර අදත් කියයි.

0
284

‘විදුලි ඒකකයක් උත්පාදනයට
රුපියල් 56.90 ක් වැය වෙයි.
පාරිභෝගිකයන්ගෙන් අය කරන්නේ
රුපියල් 29.14 ක පමණ මුදලක්.
ඉතින් හරි පාඩුයි..!’
ඇමති කාන්චන විජේසේකර අදත් කියයි.

විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 56.90 ක් බවත් නමුත් පාරිභෝගිකයන්ගෙන් විදුලි ඒකකයක් සදහා අයකරනු ලබන්නේ රුපියල් 29.14 ක් පමණක් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර පවසයි.

මේ හේතුව මත වාර්ෂිකව සිදුවන අලාභය රුපියල් බිලියන 423.5 ක් බවද අමාත්‍යවරයා පවසයි.

ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
ඔහු මෙම මිල ගණන් ඉදිරිපත් කර තිබෙන්නේ 2023 වසර සදහා අඛණ්ඩව විදුලිය ලබා දීමට නම් විදුලි ඒකකයක් සදහා ඉහත සදහන් කර තිබෙන මුදලක් වැය කිරීමට සිදුවන බව පවසමිනි.

මෙරට ගෘහස්ත විදුලි පාරිභෝගිකයින් 6,709,574ක් සිටින බව පවසන අමාත්‍යවරයා
විදුලි ගාස්තු අයකරන ආකාරය පිළිබදව පහත තොරතුර ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × four =