විදුලි අර්බුදය විසදීම සදහා කිසිදු සාධනීය පියවරක් ගෙන නොමැති තත්ත්වයක් තුළ නුදුරේදීම පැය තුන ඉක්මවා යන විදුලි කප්පාදුවක් කි‍්‍රයාත්මක කිරීමට සිදු වීම අනිවාර්යයක් බව, ශ‍්‍රී ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන්ගේ සංගමය පවසයි.
ප‍්‍රශ්නය විසදීමේ සැබෑ අභිලාශයක් බලධාරීන්ට නැති බව පවසන විදුලි ඉංජිනේරු සංගමය, දෛනික පදනමින් ගැටළුම සමහන් කර ගැනීමට පමණක් බළධාරීන් කටයුතු කරන බවට චෝදනා කරයි.
ඉන්ජිනේරුවන්ගේ උපදෙස පසෙකට දමා දේශපාලන බලාධිකාරයට අවශ්‍ය පරිදි විදුලි බල මණ්ඩලයේ කටයුතු සිදු වෙමින් පවතින බව පවසන ඉංජිනේරු සංගමය, මේ තත්ත්වය, රටේ ආර්ථිකය දේශපාලනඥයන් විසින් වැරදි ලෙස කළමණාකරණය කිරීමේ තත්ත්වයට සමාන බවත්, සිදුවිය හැක්කේ අර්බුදය තවත් උග‍්‍රවීම පමණක් බවත් ප‍්‍රකාශ කරයි.