“විදුලි ගාස්තු අවම වශයෙන් 27% කින් අඩු කළ යුතුයි..!” මහජන උපයෝගීතා කොමිසම.

0
74

“විදුලි ගාස්තු
අවම වශයෙන් 27% කින්
අඩු කළ යුතුයි..!”
මහජන උපයෝගීතා කොමිසම.


අවම වශයෙන් විදුලි ගාස්තුව 27%කින පහත දැමිය යුතුව ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ අනුව, ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කර තිබෙන 3% ක විදුලි ගාස්තු කප්පාදුව තමන් ප්‍රතික්ෂේප කරන බවද ඒ මහතා පවසයි.

එමෙන්ම පසුගිය පෙබරවාරි මාසයේ දී ලංකා විදුලි බල මණ්ඩලය ව්‍යාජ දත්ත මත පදනම් වී විදුලි ගාස්තුව 66 % කින් ඉහළ දැමූ බවට චෝදනා කරන ජනක රත්නායක මහතා ඒ මොහොතේ විදුලිගාස්තු ඉහළ දැමිය යුතුව තිබුනේ 35%කින් පමණක් බවද ප්‍රකාශ කරයි.

පසුගිය ගාස්තු සංශෝධනයේ දී විදුලි බල මණ්ඩලය ප්‍රකාශයට පත්කළ විදුලි ඉල්ලුමට අදාල සංඛ්‍යා දත්ත නිවැරදි නොවන බවද ජනක රත්නායක පවසයි.

එම අවස්ථාවේ දී ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කලේ විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 16,550 ක් බවයි. නමුත් මහජන උපයෝගීතා කොමිසමේ මතය වූවේ එය ගිගාවොට් පැය 15,050 කට සීමාවනු ඇති බවයි.

මේ වන විට තමන්ගේ ගණනය කිරීම් නිවැරදි බව ලංකා විදුලි බල මණ්ඩලයද තේරුම්ගෙන ඇති බව ජනක රත්නායක මහතා පවසයි.

විදුලි ඉල්ලුම අඩු වීමට සාපේක්ෂව විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැයද පහත යයි.

විදුලි බල මණ්ඩලය, ජූලි සිට දෙසැම්බර් දක්වා වූ කාලය සදහා, විදුලිය නිෂ්පාදන වියදම රුපියල් බිලියන 392 ක් ලෙස ගණනය කර තිබුණු අතර, දැන් ඔවුන් එම පිරිවැය සංශෝධනය කරමින් අදාල කාලය සදහා විදුලිය නිෂ්පාදනය සදහා යන වියදම රුපියල් බිලියන 285 ක් බව පවසයි.

නමුත්, මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ සැබෑ පිරිවැය රුපියල් බිලියන 285 ක් නොව, රුපියල් බිලියන 107 ක් බවයි.

ඒ අනුව, විදුලි ගාස්තු 27%කින් අඩු විය යුතු බව ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 9 =