‘විදුලි ගාස්තු ඉහළ දැමූ නිසා
ජල ගාස්තුවත් වැඩි කළ යුතුයි…!’
ජලසම්පාදන ඇමති කියයි.
බොහෝ ජල සැපයුම් ව්‍යාපෘති සදහා විදුලිය අවශ්‍ය බවත් මේ වන විට විදුලි ගාස්තුව ඉහළ දමා ඇති බැවින් ජල ගාස්තුද ඉහළ දැමීමට සිදුවන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසයි.
ජනතාව මුහුණ දී සිටින දුෂ්කරතා පිළිබදව අවබෝධයක් තමන්ට ඇති බව පවසන මන්ත්‍රීවරයා කෙසේ වෙතත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම ජල ගාස්තු ඉහළ දැමීමට සිදුවනු ඇති බවද පවසයි.
මාතලේ නගරයේ පැවති ජන හමුවක දී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලැබුණු පසුව ජල සම්පාදන ව්‍යාපෘති සදහා සූර්ය බලය යොදා ගැනීමට අපේක්ෂා කරන බවත් එසේ වුවහොත් විදුලි බිල ඉහළ යාම ජල ගාස්තු ඉහළ යාමට බල නොපානු ඇති බවත් අමාත්‍යවරයා පවසා තිබේ.