විදුලි බල හා බලශක්තියට රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක්..! ඇමති කාන්චන දෙදෙනාටම සුබ පතයි.

0
304

විදුලි බල හා බලශක්තියට
රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක්..!
ඇමති කාන්චන දෙදෙනාටම සුබ පතයි.

ඊයේ දිනයේ දී වනජීවී හා වනසංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් ඩී.වී චානක අද දිනයේ දී යළි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති බව වාර්තා වේ.

මේ අතර විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ දිනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ ද දිවුරුම් දී තිබුණි.

ඒ අනුව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සදහා මේ වන විට රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සිටිති.

ඔවුන් දෙදෙනාම අද පෙරවරුවේ වැඩ භාරගෙන ඇති අතර විදුලිබල හා බලශක්ති කැබිනට් අමාත්‍යවරයා වන කාන්චන විජේසේකර මහතා ඔවුන් දෙදෙනාටම සුබ පැතුම් එක් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × three =