විදුලි බිල ඉහළ දැමීම;
ඇමතිගේ තදියමට විදුලි බිල වැඩි කිරීම
මහජන උපයෝගීතා කොමිසම
ප්‍රතික්ෂේප කරයි.
කඩිනම් විදුලි ගාස්තු සංශෝධනයක් සදහා අවසර ලබා දෙන ලෙස, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා විසින් මජහන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටියද, ඒ සදහා ඔවුන්ට නිල වශයෙන් ලැබී තිබෙන කාලය ලබා ගැනීමට මහජන උපයෝගී කොමිසමේ අවධානය යොමු වී තිබෙන බව අද වෙළදපොලට නිකුත්ව තිබෙන සන්ඩේ මෝර්නිං පුවත්පත වාර්තා කරයි.
විදුලිබල මණ්ඩලය විසින්ම සකස් කරන ලද ජාතික ප්‍රතිපත්තියට අනුව, විදුලිබිල සංශෝධනය කළ හැක්කේ වසරකට දෙවරකි.
ඒ ජනවාරි සහ ජූලි මාසයේ දී පමණි.
දැනටමත් ජූලි මාසයේ විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකර තිබිය දී ත්, අමාත්‍යවරයා ඔක්තෝබරයේ දී ද විදුලි ගාස්තු සංශෝධනයකට අවසර ඉල්ලා සිටියි.
මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත අනුව, විදුලි ගාස්තු සංශෝධනයේ දී ඒ සදහා මහජන අදහස් හා යෝජනා ලබා ගැනීම අනිවාර්යය.
මේ වසර සදහා රුපියල් බිලියන 31 ක පාඩුවක් ලංකා විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තු කර තිබේ. විදුලි බිල ඉහළ දැමීමට අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ එම පාඩුව පියවා ගැනීම සදහා ය.