විදුලි බිල යළි ඉහළට..!

0
488

විදුලි බිල යළි ඉහළට..!


විදුලි බිල යළි ඉහළ දැමීම සදහා අවසර ලබා දෙන ලෙස, ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා තිබේ.

පැවති නියගය හේතුවෙන්, අපේක්ෂා කල මට්ටමට ජලවිදුලිය නිෂ්පාදනය කිරීමට නොහැකි වූ බවත්, එබැවින් මණ්ඩලයට අතිරේක පිරිවැයක් දැරීමට සිදු වූ බවත් විදුලිබල මණ්ඩලය පවසයි.

එසේ දැරීමට සිදු වූ අතිරේක පිරිවැය පියවා ගැනීම සදහා විදුලිබිල ඉහල දැමීමට විදුලිබල මණ්ඩලය සූදානම් වෙයි.

මේ වසරේ දී ජලවිදුලිය හරහා ගිගාවොට් පැය හාරදහස් පන්සියයක් උත්පාදනය කිරීමට අපේක්ෂා කළත්, උත්පාදනය කළ හැකි වූවේ ගිගාවොට් පැය තුන්දහස් හත්සිය පනහක් පමණක් බව විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එබැවන්, ගිගාවොට් පැය හත්සිය පනයක් තාප විදුලි බලාගාරවලින් ලබා ගැනීමට විදුලි බල මණ්ඩලයට සිදුව තිබේ.

විදුලි බිල ඉහළ දැමීම සදහා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලන්නේ එම පිරිවැය පියවා ගැනීමේ අරමුණෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × five =