විදෙස්ගතවීමේ දී ලබා ගැනීම අනිවාර්යයයි.
නමුත්, කහ උණ වැළැක්වීමට දෙන එන්නත නෑ..!
විදේශගතවන ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙන කහ උණ එන්නත, සෞඛ්‍ය අමාත්‍යංශය සතුව නැති බව වාර්තා වේ. මේ හේතුවෙන් විදේශගත වන පුද්ගලයන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති, විශේඥ වෛද්‍ය චමිල් සංජීව මහතා පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසීන්ට අනුව, කහ උණ රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීම සදහා, එහි සාමාජික රටවල් අනිවාර්යයෙන්ම එන්නත්කරණය කළ යුතුය.
ඒ අනුව, ශ්‍රී ලාංකික පුරවැසියන් විදේශගත වීමේ දී මෙන්ම, විදෙස්ගතව සිට යළි මව්බිමට පැමිණීමේ දී කහ උණ වැළැක්වීම සදහා ලබා දෙන එන්නත අනිවාර්යයෙන් ලබා ගතයුතුය.