විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී චීනයේ සහාය ලබා දීමට මැදිහත්වන බවට ප්‍රංශ ජනාධිපති පොරොන්දු වෙයි.

0
98

විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී
චීනයේ සහාය ලබා දීමට
මැදිහත්වන බවට ප්‍රංශ
ජනාධිපති පොරොන්දු වෙයි.

ශ්‍රි ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී, ඒ සදහා අවශ්‍ය චීනයේ සහාය ලබා ගැනීමට මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමට තමන් සූදානම් බව, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා, ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වී තිබේ.

පසුගිය විසි අටවන දා රාත්‍රියේ, කෙටි සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී ප්‍රංශ ජනාධිපතිවරයා මෙම පොරොන්දුව ලබා දී තිබේ.

දැනටමත්, ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය එක්ව, ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සදහා අවශ්‍ය පොදු වේදිකාවක් නිර්මාණය කර තිබේ.

මේ අතර, ඉන්දීය මුදල් අමාත්‍ය, නිර්මලා සීතාරාම් මහත්මියද, ශ්‍රී ලංකාවට සහාය වීම සදහා ඉන්දියාව, ජපානය හා ප්‍රංශය ගන්නා උත්සාහයට එක්වන්නැයි චීනයට ආරාධනා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 − 2 =