විදේශ ප්‍රේෂණ ඉහළට..!
නොවැම්බරයේ ඩොලර් මිලියන 384.4 යි.
දෙසැම්බරයේ ඩොලර් මිලියන 475.6 යි.
විදේශ ප්‍රේෂණ ලැබීම් ඉහළ යාමේ පැහැදිලි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව වාර්තා වේ.
2022 වසරේ දෙසැම්බරයේ විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 475.6 කි. එම වසරේ නොවැම්බරයේ විදේශ ප්‍රේෂණ ලැබී තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 384.4 ක් පමණි.
දෙදහස් විසි එක වසරේ දෙසැම්බරයේ විදේශ ප්‍රේෂණ වශයෙන් ලැබී තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 325.2 ක් පමණි.
ඒ අනුව 2021 වසරේ දෙසැම්බරයට සාපේක්ෂව 2022 වසරේ දෙසැම්බර් මාසයේ විදේශ ප්‍රේෂණ ලැබීම ඇමරිකානු ඩොලර් මිලියන 475.6 දක්වා ඉහළ ගොස් තිබේ.
සාපේක්ෂව එය 2021 වසරේ දෙසැම්බරය හා සසදා බැලීමේ දී 46%ක වර්ධනයකි.