විදේශ ප්‍රේෂණ ලැබීම්;
2023 ජනවාරි ඩොලර් මිලියන 437.5 යි.
2022 දෙසැම්බර් ඩොලර් මිලියන 475.6 යි.
විදෙස් ගත ලාංකීය ශ්‍රමිකයන් විසින් එවා ඇති මුදල් හෙවත් විදේශ ප්‍රේෂණ ජනවාරි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 437.5 කි. එය 2022 වසරේ ජනවාරි මාසය හා සසදා බැලීමේ දී 68.8% ක වැඩි වීමකි.
2022 වසරේ ජනවාරි මාසයේ ලැබි තිබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 178.3 කි.
2009 වසරේ සිට ගණන් බැලීමේ දී වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇත්තේ 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී ය.
2020 දෙසැම්බර් මාසයේ ලැබී ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 812.70 කි.