විදේශ සංචිත සිදී යන බව දැන දැනත්
ගෙවුණු වසරේ දී ලැබුණ ඩොලර් ණයවලින්
වැඩි කොටසක් පාරවල් හදන්න දාලා.
විදේශ සංචිත සිදී යමින් රට බංකොලොත් භාවය කරා ඇදී යන බව දැන දැනත්, රජය පසුගිය වසරේ දී මහාමාර්ග ඉදිකිරීම ඇතුළු ඇතැම් අංශ සදහා විශාල වශයෙන් වියදම් කර තිබෙන බව වාර්තා වේ.
පසුගිය වසරේ ජනවාරි පළමු වැනි දා සිට දෙසැම්බර් 31 වන දා දක්වා, විදේශ ණය සහ ආධාර ලෙස රටට ලැබී ඇති ඩොලර් ප‍්‍රමාණය ඩොලර් බිලියන 2.41 කි.
එම ප‍්‍රමාණයෙන් 33.5% ක් ගෙවුම් ශේෂ හිගය පියවීම සදහා උපයෝගී කරගෙන ඇති අතර, දෙවැනියට වැඩිම ප‍්‍රමාණයක් යොදවා ඇත්තේ මහාමාර්ග සහ පාලම් ඉදිකිරීම සදහා ය. එය ප‍්‍රතිශතයක් ලෙස 16.8% කි. සෞඛ්‍ය සහ සමාජ සුබ සාධනය සදහා යොදවා ඇති මුදල 9.9% කි.
පසුගිය වසරේ දී රටට ලැබී ඇති ඩොලර් ප‍්‍රමාණයෙන් 33.5% ක් චීනය සමග අත්සන් කරන ලද ණය ගිවිසුම් හරහා ලැබී තිබේ.