විනය විරෝධී වැඩ කරන
මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙන්
නෙරපා හැරීමේ බලය සහිත
ස්වාධීන අධිකාරියක්…!
බරපතල විනය විරෝධී කටයුතුවලට සම්බන්ධ වී වරදකරුවන් බවට පත්වන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවෙන් නෙරපා දැමීමේ බලය සහිත, ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරියක් පිහිටුවීම සම්බන්ධයෙන් යෝජනාවක් මේ වන විට ඉදිරිපත්ව ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කර සිටියි.
මීට අදාලව පනත් කෙටුම්පතක් සකස් වෙමින් තිබෙන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සන්ඩේ ටයිම්ස් පුව්තපත සමග පවසා තිබේ.
එකී පනත් කෙටුම්පතට අවශ්‍ය මූලික අදහස්, කතානායකවරයාගෙන් පක්ෂ නායකයන්ගෙන් ලබා ගැනීම සදහා අධිකරණ අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට මේ වනවිටත් කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව ද පුවත්පත වාර්තා කර සිටියි.
මෙම පනත් කෙටුම්පතේ මූලික කෙටුම්පත සකස් කර තිබෙන්නේ, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවක් මගිනි. එම කමිටුවේ සභාපතීත්වය දරනු ලබන්නේ හිටපු කතානායක කරු ජයසූරිය මහතා ය.
යෝජිත ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරිය මගින්, මන්ත්‍රීවරුන් සදහා වූ ආචාර ධර්ම පද්ධතිය කඩකරන මහජන නියෝජිතයන්ට දරුණු ප්‍රතිවිපාක අත්විදීමට සිදුවන බව අධිකරණ අමාත්‍යවරයා විසින් සහතික කර තිබේ.
දැනට පවතින තත්ත්වය අනුව. මන්ත්‍රීවරුන්ගේ බලරපතල විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් ගතහැකි කිසිදු ක්‍රියාමාර්ගයක් නැත.
යෝජිත නව අධිකාරියට, මන්ත්‍රී වේතන සහ දීමනා පිළිබදව තීරණය කිරීම,
මන්ත්‍රීවරුන් සදහා චර්යා ධර්ම පද්ධතියක් ක්‍රියාත්මක කිරීම,
පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව, පාර්ලිමේන්තු වරප්‍රසාද හා ආචාර ධර්ම කමිටුව මගින් කරන ලද පරීක්ෂණයකයට පසුව, මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීම, ආදී බලතල පැවරෙනු ඇත.